hostgator coupon

Saturday, May 16, 2015

සුන්දරම ආදරය



දිනෙන් දින ඔපදැමෙන, සැබෑ ආලයෙ පහස,
තව තවත් සිත තුටින් රැඳේවා...
දිනෙන් දින විඳින මේ, සුන්දරම ආදරය,
හැම දාම මේ ලෙසම ලැබේවා...
හදින් හද යා වෙලා, නිම කරපු දෙවසරම, 
සුන්දරයි කියා අප හිනා හුනා...
මතු මතුත් රැකේවා, ආදරයෙ රස පහස,
දිනන්නට මුළු ලොවම සිසාරා...

Monday, February 25, 2013

අලුයම පහන් වන විට

නිමක් නැති ගිරි ශිකර,
පෙනෙන නොපෙනෙන නැවතුම,
දුලබ ගං දිය,
මිරිගු ගංදිය නම් සුළබය,
නොහැක පලා යන්නට,
කතර දැන් නිවස හා සමානය...

Thursday, June 7, 2012

I Want You

I wanted u to be with me
& I didn't want to loose u
So I tried to keep u always with me
then I lost u

Saturday, February 25, 2012

ආදර වැහිබිඳු අහිමි කතර

කඳුලු ගංදිය වියලිලා...
පැතුම් මල් දම් පරවෙලා...
සිනා සුන සිත ගොළුවෙලා...
හද පොළව ඇත ඉරිතලා...

Saturday, November 5, 2011

හද ගිනිදැල්...

සිහිල් සුලං රැළි ඇඟ දැවටෙයි...
සුවයක් නැත...
හද ගිනිගෙන දැවෙයි...
කාල වළාවන් මැද,
විදුලිය රඟන ලෙසින්...
කඳුලු  වැහි බිඳු කඩා හැලෙයි...
සිහින් පිනිබිඳු ලෙසින්...
නොහැක නිවන්නට,
හද ගිනිදැල්...
ඔබෙ ආදරය හද සිඹින තුරා...
උතුරා යන ගංදිය ලෙසින්...

Thursday, November 3, 2011

ප්‍රථම පෙම...

ප්‍රථම පෙම හද වියලී ගිහින්...
කඳුලක් නැත එය තෙමන්නට,
කුමක් කරන්නද...
ප්‍රෙමය මෙය නම්...
ලබා දෙන්නට නොහැකිනම්,
ප්‍රෙමය...
වියලුන හද තෙමන්නට,
කඳුලක් ලබාදෙනු මැන...

Wednesday, November 2, 2011

ඔබේ ඒ වදන්...

ඔබේ ඒ වදන්...
නිදිමත දෑස් අග රජකරනා මොහොතක...
කුනාටු පරයා අදෙන්නට වෙර දරන පුන්චි නෞකාවක් ලෙසින්...
ඔබේ සිතුවිලි මග හරින්නට වෙරදරන...
කුල්මත් වී පොපියන ඒ දෙනෙත්...
දෙතොල් මත දඟ කරන ඒ සිනහව...
නොහැක,
මගහැර යන්නට...
ඉඩ දෙන්න,
කුණාටුව,
මා මියදෙන තුරාවට...
ඒ සිතුවිලි තුල,
කිමිදෙන්න...